
අපි ගොඩක් දෙනා චිත්තරපටි බලන්න හරිම කැමතියි නේ.
මමත් එහෙම තමයි.
එක්තරා ජාතියක චිත්තරපටි පිස්සෙක්. ''එක්තරා ජාතියක'' කිවුවේ මං බලන්නේ එක්තරා ජාතියක චිත්තරපටි විතරක්ම නිසායි.
ඒ ජාතිය තමයි, ''ඉංගිරීසි චිත්තරපට''.
සෑහෙන කලාතුරකින් තමයි ඔය හින්දි හරි වෙන මොකක් හරි බලන්නේ. සිංහල චිත්තරපටි නං නොබලන් ගාණයි. මතක හැටියට අන්තිමට බැලුවෙ ''අබා'' කොළුවගේ කතාන්දරේ.
කොහොම කොහොම හරි මේ කියන්න යන්නේ තවත් හරිම අපූරු (අපූරු කිවුවට බිහිසුණු එකක්) චිත්තරපටියක් ගැනයි.
වැඩිය ''අටුවා ටීකා ටිප්පලි'' මක්කටෙයි, ඔය උඩ රූපෙ තියෙන විදියටම මේකෙ නම '' The Thing ''
1982 අවුරුද්දෙදී නොර්වේජියානු ගවේෂණ කණ්ඩායමක්, ඇන්ටාර්ක්ටිකාවේ අයිස් තට්‍ටු අතරේ තිබිලා කඩා වැටුණු පිටසක්වළ යානයක් සහ ජීවියෙක් සොයා ගන්නවා.
මේ කට්ටිය පිටසක්වළ ජීවියාව තමන්ගේ කඳවුරට ගෙනැත් පරීක්ෂා කරන අතරතුරේ දී, නොහිතන විදියට ඌට පණ ලැබෙනවා.
මේ පිටසක්වළ ජීවියාට තමන්ගේ රූපය මිනිසෙකුගේ රූපය බවට පිටපත් කර ගැනීමේ හැකියාව තියෙනවා.
ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයින් එකිනෙකා පිටසක්වළ ජීවියාට බිලි වෙන විදිය අපූරුවට මේකෙදී බලාගන්න පුළුවන්.
කිසිම පිළිසරණක් නොලැබෙන තැන , මිනිසා පත්වන තත්වයත්, තමන්ගේ ගැලවීම උදෙසා තමන්ගේම සමීපතමයන් තම අතින්ම මරා දමන්නට සිදුවනවිට මිනිසාගෙන් ඉස්මතුවෙන හොඳ හා නරක ස්වභාවයත් මේ චිත්තරපටයෙන් හිතට ගතට දෙකටම දැනෙන්න නිරූපණය වෙනවා.
මම මේක මුළින්ම බැළුවේ ITN එකේ '' Saturday Night Movie '' එක විදියටයි.
හැබැයි ටීවී එකේ මේකෙ වැඩි හරිය කොටු කොටු දාලයි පෙන්නුවේ.මොකද රූපවාහිනියේ පෙන්නන්න බැරි තරම් ගොඩාක් බිහිසුණු දර්ශන මේකෙ තියෙන නිසා.
ඒ වුණාට අපි එහෙම අත අරින්නේ නෑ නේ. පහුවෙනිදම අන්තර්ජන්ජාලෙන් හොයාගෙන ඔක්කෝම ටික බැලුවා.
මේ ෆිල්ම් එකේ 1982 අවුරුද්දේ හදපු එකකුත් තියෙනවා.මම නම් බැලුවෙ 2011 දී හදපු එක.ඒ කියන්නේ 'රී මේක්' කරපු එක.
නම ටයිප් කරපු ගමන්, බාගන්න පුළුවන් සයිට් ගාණක්ම අපේ ගූගල් මලයා පෙන්නන හන්දා මම අමුතුවෙන් ''සබැඳියක්'' දැම්මෙ නෑ.
ඔන්න නොකීවයි කියන්න එපා. මේක ගොඩාක් බිහිසුණු දර්ශන ඇතුලත් වෙලා තියෙන ෆිල්ම් එකක්.බයයි වගේ නම් බලන්න එපා.
Directed by | Matthijs van Heijningen Jr. |
---|---|
Produced by | Marc Abraham Eric Newman |
Written by | Eric Heisserer |
Based on | Who Goes There? by John W. Campbell |
Starring | Mary Elizabeth Winstead Joel Edgerton Ulrich Thomsen Adewale Akinnuoye-Agbaje Eric Christian Olsen |
Music by | Marco Beltrami |
Cinematography | Michel Abramowicz |
Editing by | Jono Griffith Julian Clarke |
Studio | Strike Entertainment Morgan Creek Productions |
Distributed by | Universal Pictures |
Release date(s) |
|
Running time | 102 minutes[2] |
Country | United States |
Language | English Norwegian |
Budget | $38 million[3] |
Box office | $27,428,670[4] |
බැලුවෙමි.බිය වුණෙමි.
ReplyDelete