Sunday, November 4, 2012

The Thing - ''මෙන්න ‍ෆිල්ම්''






අපි ගොඩක් දෙනා චිත්තරපටි බලන්න හරිම කැමතියි නේ.
මමත් එහෙම තමයි.

එක්තරා ජාතියක චිත්තරපටි පිස්සෙක්.                                                    ''එක්තරා ජාතියක'' කිවුවේ මං බලන්නේ එක්තරා ජාතියක චිත්තරපටි විතරක්ම නිසායි.
  ඒ ජාතිය තමයි,  ''ඉංගිරීසි චිත්තරපට''.


සෑහෙන කලාතුරකින් තමයි ඔය හින්දි හරි වෙන මොකක් හරි බලන්නේ. සිංහල චිත්තරපටි නං නොබලන් ගාණයි. මතක හැටියට අන්තිමට බැලුවෙ ''අබා'' කොළුවගේ කතාන්දරේ.

කොහොම කොහොම හරි මේ කියන්න යන්නේ තවත් හරිම අපූරු (අපූරු කිවුවට බිහිසුණු එකක්)  චිත්තරපටියක් ගැනයි.

වැඩිය ''අ‍ටුවා ටීකා ටිප්පලි'' මක්කටෙයි,  ඔය උඩ රූපෙ තියෙන විදියටම මේකෙ නම  '' The Thing  ''

Friday, November 2, 2012

සැරෙන්ඩර්...


 


මේක ඔය ''ලු'' ෆෝමැට් එකේ කතාවක්.හැබැයි ඇත්ත කතාවක් කියලයි මට මේක කියුව කෙනා නම් කිවුවේ.

       මීට අවුරුදු බර ගාණකට කලින් , ඒ කියන්නේ අපේ රටේ කොටි ත්‍රස්තවාදය ආරම්භවුණු මුල් කාලෙ, යාපනේ පැත්තේ මුහුදු වෙරළ දිගටම වගේ , ආරක්ෂාවට හමුදාවෙන් දානවාලු,සාමාන්‍යයෙන් මීටර් 100ට, 150කට හමුදවෙ දෙන්නෙක් වගේ ඉන්නවලු.

Wednesday, October 10, 2012

සිවුර වෙලේ අපේ හාමුදුරුවනේ....













එකමත් එක ගම්මානයක ලස්සන හරිත පැහැ කුඹුරු යායකින් වටවුනු පරණ පන්සලක් තිබුණා.

මේ පන්සලේ වැඩ වාසය කළේ තලත්තෑනි වයසේ පසුවුනු ලොකු හාමුදුරුවොත්, ළඟදී මහණ වුණු පොඩිම පොඩි හාමුදුරු නමකුත් , පන්සලේ පොඩි පොඩි වැඩ වලට එහා මෙහා දුවන ඇබිත්තයත් විතරයි විතරයි.

ඉතින් දවසක් අපෙ මේ පොඩි හාමුදුරුවෝ පන්සලට එපිටින් තිබුණු ගඟට නාන්න ගියා.පුංචි හාමුදුරුවන්ගේ ගිහිකාලේ යාළුවෝ සමූහයත් ඉතින් මේ වෙලාවට හරියටම ''අහම්බෙන්'' නාන්න එනවළු හැමදාම.                ඒ කොහොම වුනත් දවසක් ගඟට නාන්න ගිහින් ආපු පොඩි හාමුදුරුවෝ ළගට කතාකරගනිපු ලොකු හාමුදුරුවෝ මෙහෙම ඇහුවා.