Tuesday, January 15, 2013

සිහිනය


'' මගේ සිහිනය කුමක්දැයි කියා ලෝකයා දන්නේ නැහැ...


ඒත්....
මම ඒ සිහිනය දකින බව මම වගේම ඒ සිහිනයේ ඉන්න කෙනාත් දන්නවා.
ඒත් සිහින ලෝකයෙන් යථාර්තයට පය තියන්න අපි දෙන්නම බයයි වගේ.
මට බයයි , යථාර්තයේදී ඒ සිහිනය මගෙන් ඈතට  යාවි කියලා.
ඒ නිසාම මම  සිහින දැහැනට ආදරෙයි.

අදත් ඔයා බස් එකට නැග්ගා.
මගේ දිහා බලලා , හරිම ලස්සනට හිනා වුණා.


 ''සුදු නංගී පට්ට ලස්සනයි බං''


මගේ යාළුවෝ එකිනෙකාට කොඳුරනවා.
ඒ වගේ වෙලාවට මට පුදුම දුකක් දැනෙන්නේ , හිතේ ආදරය කොයිතරම් බලෙන් හංගාගෙන හිටියත් නොදැනීම ඉස්මතු වෙනවා.

සංස්කෘතිය සදාචාරය කියන සාධක බල්ලට දාලා ඔයාගේ අතින් අල්ලගෙන කතාකරන්න නොනිමි ආසාවක් හිතට එනවා.
හැමදාම ගෙදරින් එනකොට , තවත් ඔයා දිහා බලන්නේ නෑ කියලා හිතාගත්තත් , ඒ සිතුවිල්ල සුණු විසුණු වෙලා යන්නේ ඔයා ඉදිරියේදීයි.

සුදු නංගී,  මම ඔයාට ඇත්තටම ආදරෙයි.

ආදරය නෙමේ නම් මේ මොකක්ද? 
ඒ හැඟීමට වෙන නමක් දෙන්න පුළුවන්ද?

අනික් උන්ට කඩාගන්න බැරි මලක් මගේ අත අද්දර පිපිලාත් , මම නිහඬව ඉන්නේ අම්මලා කියන විදියට 'හොඳ ළමයෙක්' නිසානම් නෙමෙයි.
මොකද ඒ හොඳ ළමයට හැඟීම් දැනීම් මොනවාත්ම නැහැනේ.

මේ සේරම දෙවල් සලකලා මම නිහඬව ඉන්නවා.  ඒ මගේ නොහැකියාව වෙන්න ඇති.

සමහර විට තව කාලයකින්,  ඔයා තවත් කෙනෙක්ගේ අතින් අල්ලාගෙන මේ බස් එකේම ඉන්නවා මට දකින්න ලැබේවි.
මම දරාගන්නම්.  ජීවිතයේ කවදාවත්ම නැති විදියට.

ඒත් මම ඔයාට ආදරෙයි.  වචනයෙන් නොකීවත්.
අපි දෙන්නම ඒක දන්නවා.

මම ඈත ඉඳන්  බලන් ඉන්නම්.
ඔයා පරිස්සමෙන් ඉගිල්ලෙන්න.....''


ලස්සන ලව් ලෙටර් එකක් යැයි ඔබ සිතාවි. ඒත් මෙය එවැන්නක් නොවේ. 
නමුදු එවැන්නක් නොවේ යැයි කීමට ද එකවරම හැකියාවක් නැත්තේ ,  තෙවසරක් ඒකපාර්ශවීය ආදරයකින් පසුව ලියැවුණු එකම එක ලියැවිල්ල මෙය නිසාය.

මේ ලිපිය මා පළමුවරට කියවන විට ඔහු සිටියේ රෝහල් ගතවය. 
 ඔහු ඇයට මෙන්ම ඇය ඔහුටද එකසේ තම තමන්ගේ පැත්තෙන් ආදරය කර ඇතිබව දැන ගත්තේ,  ඔහු වෙනුවෙන් මා ඇය හමුවූ විටකය.

 දැන් ඇයත් ඔහුත් දෙදෙනාම හොඳ  පවුල් ජීවිත ගෙනයති.
 විශේෂ්ත්වය වන්නේ දෙදෙනා එකම පවුලක් වීම නිසාය. 







4 comments:

  1. Anee harima sook,,,, :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මේක සත්ය කතාවකි.

      Delete
  2. ආ ඔල එල ඔහොම යං , දැන් ඉතින් දෙන්ඩ ඕන දනිස්ස නමලා හරිද

    ReplyDelete
    Replies
    1. තෑන්කූ.. තෑන්කූ.... මුළු සරීරෙම නවාලා හරි දෙන්න බැරියැ.

      Delete