Friday, November 2, 2012

සැරෙන්ඩර්...


 


මේක ඔය ''ලු'' ෆෝමැට් එකේ කතාවක්.හැබැයි ඇත්ත කතාවක් කියලයි මට මේක කියුව කෙනා නම් කිවුවේ.

       මීට අවුරුදු බර ගාණකට කලින් , ඒ කියන්නේ අපේ රටේ කොටි ත්‍රස්තවාදය ආරම්භවුණු මුල් කාලෙ, යාපනේ පැත්තේ මුහුදු වෙරළ දිගටම වගේ , ආරක්ෂාවට හමුදාවෙන් දානවාලු,සාමාන්‍යයෙන් මීටර් 100ට, 150කට හමුදවෙ දෙන්නෙක් වගේ ඉන්නවලු.


ඉතින් දවසක් උදේම මෙහෙම වෙරළ ආරක්ෂාවේ යෙදිල ඉන්න හමුදාවෙ දෙන්නෙකුට පෙනුනලු, ටිකක් වයසක ඩයල් එකක්,ඒ කියන්නේ අවුරුදු 80ක විතර අංකල් කෙනෙක්, මඩකලපු සරමත් පස්ස පැත්තෙන් උස්සගෙන, ඒ කියන්නේ 'ෆ්ලෑෂ් ලයිට් එකත් ඔන් කරගෙන' බොහෝම හදිස්සියෙන් මුහුදු වෙරළ පැත්තට යන හැටි.

          එදා අපේ සිංහල පොරත් එක්ක ඩියුටි වැටිලා හිටියේ , මුස්ලිම් ඩයල් එකක් ලු.කොහොම වුනත් මේ දෙන්නට  අර මනුස්සය ගෙන සෙකයක් බයක් ඇතිවෙලා, හෙමි හෙමින් ඒ පැත්තට ගියාලු. අංකල් පේන්න නැතත් අංකල්ගේ අඩි පාර පේන්න් තිබිණු නිසා ඒ පස්සේ යනකොට,අඩි පාර ටිකක් ලොකු කැලෑ පදුරක් ළගින් නතර වෙලලු.
                            ඒ කියන්නේ ආපු මනුස්සයා කවුරු වුනත් , ගියේ පදුර ඇතුලට බව ස්ථිරයි කියන එකනේ.අපේ හමුදවෙ දෙන්නත් පදුර වටේට එහෙම ඇවිදල කියල බලත්දි, පදුර ඇතුළෙන් දගළන සද්දෙකුත් එන්වලු.තවත් මේක බලාගෙන ඉන්න බැරි තැන ,අපේ දෙන්නා එක පාරටම පදුර ඇතුළට කඩාගෙන පනිමු කියල කතා කරගෙන, එක සැරේටම කඩාගෙන පැන්නලු.
 

ඔය කියන දවස් වල  මුහුදු වෙරල හරහා ගේන හොර බඩු ඇල්ලුවොත්, ආණ්ඩුවෙන් තෑග්ගකුත් දෙන සීන් එකක් තිබුණ නිසා , දෙන්නගෙම හිතේ ඒකත් යාන්තමට වගේ තිබුන කියලයි, පුරාවුර්ත වල සදහන් වෙන්නේ.
        
ඉතින් අපේ මුස්ලිම් පොර,  ''සැරෙන්ඩර්.....'' කියල කෑගහගෙනම ඇතුළට පැන්නලු.එතකොට පොඩි ගතියකුත් තියෙනවනේ.
                   
මෙන්න එතකොට බිම වාඩි වෙලා කක්කා කරකර ඉදපු අර වයසක මනුස්සයා, දනි පනි ගාල නැගිටල, බිම තියෙන කක්ක ගොඩ දිහාත් බලල, බොහෝම බයාදු විදියට මෙන්න මෙහෙම කිවුවලු.
'' සර්..; රෙන්ඩ, තමා ආවෙ සර්....''

No comments:

Post a Comment